ලද දෙයින් සතුටු වුණොත් දියුණු වෙන්න බැහැ ??!

ලද දෙයින් සතුටු වෙන්න කියල කොච්චර කිව්වත් තේරෙන්නෙම නැති අයටයි මේක ආයෙත් ලියන්නේ. ඇත්තටම ඒ තරම් අපේ මනස තුල මේ සත්‍ය නොතේරෙන තැනකට වැඩ සිද්ද වෙලා ඉවරයි. නමුත් මේක ඉතාම සරල කාරණාවක්. ඔබට අම්ම හදල ගේන රස බත් එක සතුටින් කනවා. අම්මට කියනවා අම්මේ අම්ම උයපු කෑම එක හරිම රසයි කියල. අම්මා හරිම සතුටු වෙලා හෙටත් තව රසට උයනවා. අපි ආයේ අගය කරනවා. අම්මා එකක් එක්ක හැදුවත් ආදරෙන් හදන නිසා අපිත් ආදරෙන් කන නිසා අපි ඒක රසවිඳිනවා. එහෙමයි කියල අපි අම්මට කියන්නේ නැහැ අම්මේ ඇති. අද මම කාපු ටික රසයි. ඇති. ආයේ හෙට තව මට කන්න ඕනි නැහැ. හෙට මට රසට හදන්න එපා මොකුත් කියල. ඔන්න ඕක තේරෙනවද?

ලද දෙය කියන්නේ මොකක්ද? ඔබට දැන් තියන දෙය. එතකොට ලද දෙයින් සතුටු වීම කියන්නේ මොකක්ද? ඔබ දැන් ඔබට තියනදේ ගැන ඉතාම සතුටින් ඉන්නවා. ඔබට දැනට තියන වාහනයට ඔබ ස්තුතිවන්ත වෙනවා. ඔබට දැනට තියන රස්සාවෙන් හම්බෙන පොඩි ගානට හරි සතුතිවන්ත වෙනවා. එච්චරයි. සතුටුවීම තුළ ජීවිතේ ඉස්සරහට යන්න එපා කියල තියනවද? අපේ අයට තේරෙන්නේ නැත්තේ සතුටු වෙන ගමන් තව දෙයක් ලබා ගන්නේ කොහොමද කියල. මොකද? මෙච්චර කාලයක්අ පි හැමදාම අසතුටු වුණාම දෙයක් එපාම වුණාම තමයි අලුත් දෙයක් හෙව්වේ. ඊට පස්සේ දුක් වෙලා, එපා වෙලා ශාප කර කර අලුත් දෙයක් හෙව්වා. නමුත් තමන්ට හරියටම අවශ්‍ය දෙය ලැබෙන්නේ නැහැ. ඇයි ඔබේ vibrations ඔක්කොම negative නිසා.

“If you can’t fly then run, if you can’t run, you can walk, if you can’t walk you crawl. Whatever you do, you have to keep moving forward.“
Tags :
My Blog
Share This :

18 Responses

  1. ඇත්තටම බොහොම ස්තුතියි . තවත් මෙ දෙ පැහැදිලි කරලා දුන්නට. මෙ සත්‍යය නිවරදිව අවබෝධ කර ගත්තොත් ජිවිතය දිනන්න පුලුවන් .

    1. මට මේ දේවල් නිවැරදිව පැහැදිලිව දැනගන්න ලැබුනට ස්තූතියි.

  2. ස්තුතියි ඔබට. ඇත්ත ඇති සැටියෙන් පහදා දීම ගැන අනේක වාරයක් තුති!!
    ඔබට ජය හා ශක්තිය ලැබේවා

  3. අකර්ශන නිතියත්, විශ්ව ධර්මතාවයත්, බුද්ධ දේශනය ක් ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වුණා, ඔබට ගොඩක් ස්තුතියි, ඔබගේ වීඩියෝ විශාල ප්‍රමාණයක් මගේ ජීවිතයට විශාල ශක්තියක් වුණා ඔබට ජය වේවා!!.

  4. Mindfulness gana article ekakui videio ekakui oniiii..habai eka gana video series ekak saha article series ekk unath hadanna puluvn mama hithanne.. vadagathma deya thama mindfulness venne kohomada kiyalpractical udaharana valin kiyala dena eka

    Plzzzz

  5. ඒ කතාව ඇත්ත මිස් අපි මේ මොහොතේ සතුටින් හිටියොත් අපිට සතුට ලබෙනවා මාත් ගොඩක් නෙගටිව් හිතපු කෙනෙක් එත් මිස්ගේ විඩියෝ එකක් මට අහම්බෙන් ලැබුනා. ඇත්තටම මන් ගොඩක් සතුටින් ඉන්නවා ලැබෙන මොහොතේ ඒ මිස් නිසා. ස්තුතියි.

  6. ඔයාට ගොඩක් ස්තූති මිස්. ඇත්තටම”ලද දෙයින් සතුටු වෙන්න “කියන එක කොහොමද කරන්නේ කියලා මම ගොඩක් කල්පනා කරා.නමුත් හරිහැටි තේරුමක් තිබුනේ නෑ ඒ ගැන. නමුත් දැන් පැහැදිලි කොහොමද ඒක කරන්නේ කියලා. ඔබතුමියට ගොඩක් පින්… BS,DP.

  7. ස්තෑතියි .බුදු සරනයි නිවන් සුව ලැබෙිවා

  8. Thank you for clarifying this akka. You’re the best and most practical law of attraction advicer. That’s why I’m following you. Keep it up.

  9. ඔ්නම තත්ත්වයක කෙනෙක්ට තේරෙන්න ඉතා සරලව කියා දුන්නට මිස්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

  10. ගොඩක් ස්තූතී මිස් ඔයාගේ විඩීයෝ මේ වගේ පෝස්ට් බලල මගේ හිතත් මම ගොඩක් වෙනස් කරගත්ත කෙනෙක් දැං මම මානසික සතුට කියන එක හදාන ඉන්නේ ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ජය වේවා

  11. Hodatama pahadili wa dan theruna.thanks akki. apita mewa pahadili kara denawa ta.a vagema godak pin

  12. I just realized this right now.thank you for doing these kind of works. Your vidoes are amazing and down to earth. Keep up the good work.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× WhatsApp for more info