මේ අලුත් අවුරුද්දේ පුංචි අභියෝගයක් දෙන්න හිතුන මට මගේ මිතුරන්ට. මේ ලබන නව වසර පුලුවන්නම් සතුටින් සෞභාග්‍යයෙන් පුරවගෙන පෙන්නන්න. ඔන්න ඕකයි challenge
එක. හැබැයි මම එකට ක්‍රමයකුත් කියනවා. අත්හදා බලන්න කැමති අය ජීවිතේ තමන්ගේ අරමුණු ජය ගන්න කැමති අයට මේ challenge එක බාර ගන්න පුළුවන්.
ගොඩක් අය කියයි මේක ලංකාව අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ කොහොමද එක අවුරුද්දකින් අපේ plans වලට යන්නේ. තව කෙනෙක් කියයි එන එන හැම රජයම අපිව හූරගෙන කනවා ඉතින් කොහොමද ඔලුව උස්සන්නේ. ඔබ කියයි කොච්චර සල්ලි හම්බ කරත් මදිනේ අපේ ඉලක්ක වලට යන්න තියන බාධා වැඩි එයා කියයි ඕව ගැන හිතන්නවත් වෙලාවක් නැහැ අවුරුදු නිවාඩුව ඉවර වුණු ගමන්ම ආයෙමත් මේ රේස් එක දුවන්න පටන් ගන්නවා, කෝ වෙලාවක්. තව කොයි තරම් නිදහසට කාරණා තියනවද නේද? ආණ්ඩුවේ වැරදි, අධ්‍යාපන ක්‍රමයේ ඉඳලම වැරදි කියනවා. බලාගෙන ගියහම හරි කියල දෙයක් නැති තරම්. අපි ඔක්කොම දුවන්නේ වැරදි රේස් එකකද?
ඔබේ හිත ඇතුළට සවන් දෙන්න, අපි කීයෙන් කී දෙනෙක් රැල්ලට ගිහින්ද? අපි ජීවත් වෙන්නේ අපිට ඕනි ජීවිතයද? අපි කී දෙනෙක් අනුන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙනවද? කෝ ඔයාගේ ජීවිතේ. කෝ ඔයා හීන මවපු නිදහස් සැපවත් ජීවිතය. අපි මොනවද මේ කරන්නේ. හෙම්බත් වෙනකම්ම අපේ හීන වෙනුවෙන් හෙළන්න එක හුස්මක් ඉතුරු නැති වෙන්නම තව කෙනෙක් වෙනුවෙන් දාඩිය හලනවා. හතර වටේ ණය වෙලා ඒවා ගෙවන්න ආයෙත් මහන්සි වෙනවා. එහා ගෙදර කෙනාගේ වාහනේට වඩා හොඳ වාහනයක් ගන්නම ඕනි නිසා ගත්තු වාහනේට කෙඳිරි ගගා ලීස් එක ගෙවනවා. හැමෝම වගේ මොකක් හරි උගුලක පැටලිලා. අපි බනිනවා බැංකු වලට, අපි බනිනවා පොළිය වැඩි වෙනකොට, අපි බනිනවා
වාරිකය ගෙවන්න මතක් කරනකොට. අපි බනිනවා. අපි චෝදනා කරනවා. අතට පඩියත් එක්කම එන
බිල් ටිකට අපි බනිනවා. බිල් ගොඩ ගැහෙනකොට අපි සාප කරනවා.
එන්න එන්න ජීවිතේ අමාරු වෙනවා. එක ණයක් ගෙවන්න තව ණයක් ගන්නවා. ගෙවල් දොරවල් උකස් කරනවා. දැන් ඇති නේද? ඕක තමයි හැම තැනම කතාව. අපි මේ කතාව වෙනස් කරමු. අද ඉඳල. මේ නොනකතේ වෙලාවේ හිතන්න පටන් ගන්න. හොඳ හුස්මක් අරගෙන අපි මේ තත්වය වෙනස් කරමු.
මෙන්න මෙහෙම. යමු පියවරෙන් පියවරට.
#1. විශ්වාසය
අත්‍යවශ්‍යම දෙය. මුලින්ම විශ්වාසයක් ඇති කරගන්න ලබන අවුරුද්දේ මෙන්න මේ දවස වෙනකොට ඔයාට ඔයාගේ අරමුණට යන්න පුළුවන් කියන එක පිළිබඳව. ආණ්ඩු මාරු වූණත්. අන්තිම සවුත්තු ජනාධිපති කෙනෙක් ආවත්. ලෝක යුද්ධයක් ආවත්. මොනම බාධකය ආවත් ඔයා ඔයාගේ අරමුණට යනවා යනවමයි. ඒක දරුණු විශ්වාසයක්. දැනෙන විශ්වාසයක්. මොනම දේකටවත් හොලවන්න බැරි අචල විශ්වාසයක්.
2#. නිවැරදි අරමුණ
ඔබගේ අරමුණ ඔබට අවශ්‍ය දේ පැහැදිලි විය යුතුයි. මට සල්ලි ගොඩක් ඕනි. මම දියුණු වෙනවා වගේ ප්‍රාර්ථනා තියා ගන්න එපා. හරියටම specific වෙන්න. ඔබට අවශ්‍ය list එක ලියන්න.
සල්ලි කීයක්ද ඔබ එකතු කරන්නේ. ඔබට ඕනි නිරෝගීකම ද? ව්‍යාපාරයේ මොන තරම් ලාභයක් ද? බැංකු පොතේ තියෙන්න ඕනි සල්ලි ප්‍රමාණාත්මකව කීයක් ද? ලස්සන හැඩ ඇඟක් ද? මොකක් වුණත් අවශ්‍යදේ පැහැදිලිව ලියන්න.
3#. ස්තුතිවන්ත වීම
මෙන්න තවත් අත්‍යවශ්‍යම ප්‍රධානම දෙයක්. ණය දීපු බැංකුවට ස්තුතිවන්ත වෙන්න. ඔබ ඒ ගත්තු ණය ඔබ පරිභෝජනය කරපු හැටි මතක් කරන්න. ඔබට ඒ වෙලාවේ ඒ ණය කොයි තරම් ප්‍රයෝජනයක් වුණාද. ඔබට ගෙදරට එන බිල්ස් (Bills) වලට සාප කරන්න එපා. ස්තුතිවන්ත වෙන්න. ඔබ පරිභෝජනය කරපු දේවල් වලටම නේද ඒ බිල්ස් ආවේ.ඉතින් කරන්ට් බිල දැක්කම ඒ පාවිච්චි කරපු කරන්ට් එකට ස්තුතිවන්ත වෙන්න. බිල දුන්නු කෙනාට බිල ලියපු කෙනාට ස්තුති වන්ත වෙන්න. වතුර බිල දැක්කම හිතන්න ඔබට පිරිසිඳු වීම් වලට, ඔබේ පවුලේ තිබහ නිවන්න පාවිච්චි කළ වතුරට ස්තුතිවන්ත වෙන්න. credit card එකෙන් ගත්තු දේවල් ගැන හිතල සතුටු වෙන්න. කොහොමහරි ගෙවමු. ස්තුතිවන්ත වෙන්න. ඔබටම හිතා ගන්න බැරි වෙයි මේක හරියට කලොත් බිල් ටික ගෙවෙනකම්ම දන්නේ නැති වෙයි.
ස්තුතිවන්ත වීමේ ප්‍රාතිහාර්‍ය අන්න එකයි. (Gratitude is Riches. Complaint is Poverty) මතක තියා ගන්න ඔබට මුදල් හිඟ නම්, මුදල් එන මාර්ග වැහිලනම්, දුක පසු තැවීම, අනෙකාට ඊර්ෂ්‍යා කිරීම, සැකය, බිය පසුතැවීම වගේ හැඟීම් මුදල් වැඩි කරන්නේ නැහැ. පොහොසත් ප්‍රීතිමත් පුද්ගලයාට ඊර්ෂ්‍යා කිරීමෙන් ඔබේ පඩිය වැඩි වෙන්නේ නැහැ. ඔබේ සතුට මතු වෙන්නේ නැහැ. මොකද ඒ හැඟීම් ඔබට එන්නෙම ” මට මුදල් නැහැ. මට පඩි මදි. මගේ ජීවිතේ සතුට නැහැ කියන හැඟීම ඔබේ හිතේ නිධන් වෙලා තියන නිසාමයි. සල්ලි නැතිකම නිසා මානසිකව දුක් වීම ඔය තියන ටිකටත් කරදරයක් දා ගන්න හේතුවක්. ඔබ මේ වෙලාවේ මොන තත්වෙක හිටියත් ඔබට තියන දේට ස්තුතිවන්ත වෙන්න. ඔබට තියන පුංචි පඩියට වුනත් ඔබේ ව්‍යාපාරයෙන් එන පොඩි ආදායමට වුනත් හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. මේ මොහොතේ පවතින ව්‍යාකූල අප්‍රසන්න හැඟීම් එවිට හිතෙන ඉවත් වෙලා ඒ වෙනුවට ප්‍රසන්න පිරුණු පොහොසත් මනසිකයක් ගොඩ නැගේවි. අන්න එවිට ස්තුතිවන්ත වීමේ ප්‍රාතිහාර්ය ඔබට බලා ගත හැකි වෙයි. ටිකෙන් ටික ඔබේ ජීවිතයට මුදල්, අවස්ථා, සතුට ආකර්ෂණය වෙන හැටි ඔබට පෙනේවි.
4#. ක්‍රියාත්මක වීම
දැන් පටන් ගන්න. ඔබට් අවශ්‍ය දේ කරන්න වැඩපිළිවෙලක් හදන්න. කොහොමද ඔබ ඔබට දැනුම ලබා ගත හැකි අයව ඇසුරු කරන්නේ. ඔබට එක හොඳ උපදෙසක් දෙන කෙනෙක්ව මඟ හැර ගන්න එපා. සල්ලි හරියට manage කරන්න වැඩපිළිවෙලක් හදන්න. ඒකට තියනවා apps ඒවා install කරල එන ඒවා, යන ඒවා හරියට ලියල manage කරන්න. පුළුවන් විදියට දවසට රුපියල් 50ක් හෝ 100ක් අඩුම ගානේ පුළුවන් තරමක් ගෙදර පුංචි පෙට්ටියකට හරි දාන්න. හොඳ plan එකක ඉන්න.
5# මඟ හරින්න
මෙන්න මේ ලොකුම අගතිගාමී හැඟීම් 7 හිතෙන් අතු ගාල දන්න.
- බය
කිසිම දෙකට බයක් තියා ගන්න එපා. ඔබේ යහපත් අරමුණු වලට අරය මොනවා හිතයි ද? මේක කලොත් මොකක් වෙයිද? මේක කඩා වැටෙයි ද ?
බය කියන්නේ අපිට ඉන්න ලොකුම හතුරා. (Fear does not stop death. it stops Life)
- ඊර්ෂ්‍යාව
ඔබ තවකෙකුට ඊර්ෂ්‍යා කරයිද එතනම ඔබ ඔබේ යටි හිතට පණිවිඩයක් අරිනවා ” මට කිසිම ආත්ම
විශ්වාසයක් නැහැ/මට කිසිම හැකියාවක් නැහැ/මම කිසිම වැඩකට නැහැ” ඉතින් ඔබ එකම එක
කෙනෙක්ට හෝ හිත යටින් ඊර්ෂ්‍යා කරන්න කරන්න කවුද පහළට වැටෙන්නේ. ඔබගේ ජීවිතය තව
තවත් කරදර වල පැටලෙයි.(Jealousy is a mental cancer)
- වෛරය
වෛරය ඉතාම පහළ, දුර්වල හැඟීමක්. එය පරාජයේ සංකේතයකි. වෛරය හිතේ තිබෙන තාක් ඔබට මුදල් තබා ජීවිතයට සැනසීමක් වත් නොලැබෙනු ඇත. වෛරය ලෝකයේ දරුණු ප්‍රශ්න ඇති කළා. එත් වෛරයෙන් විසඳපු එක ප්‍රශ්නයක් වත් නැහැ. (Hatred eats the soul of the hater, not the hated)
- පළිගැනීම
හොඳම පලිගැනීම මෛත්‍රිය කරුණාව බව මතකයේ තබා ගන්න. පලිගැනීම ඔබව ඔබේ අරමුණෙන් ඉවත් කරයි. ඔබව හති වට්ටවයි. ඔබට ඔබේම ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති කරවයි. තවත් කෙනෙකුගේ ජීවිතයක් පලුදු කිරීමෙන් ඔබට ඔබේ ජීවිතය පිරියම් කරගන්න පුලුවන්ද? සියල්ල කර්මයට බාර දී ඔබ සිනහ සී ඔබේ ජීවිතය ගැන සිතන්න. (Revenge is not always as sweet as it seems)
- තණ්හාව
පෙනුමට නම් එය දියුණුවට ලොකු රුකුලක් වගේ, නමුත් ඇත්ත ඊට වෙනස්. අධික තණ්හාව අවසානයේ ඔබව විඩාවට පත්කරනවා වගේම ඔබට අවශ්‍ය සතුට කිසිම දවසක ඔබට දෙන එකක් නැහැ. ඔබට කිසිම තෘප්තියක් නොලැබෙන තත්වයකට ඔබගේ ජීවිතය පත් කරයි. සරළ බව ඉහලින් තියා ගන්නවා වගේම අවශ්‍යතාවය සහ තණ්හාව අතර වෙනස හඳුනා ගන්න. තණ්හාව මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් නම් නෙවෙයි ඒක ඔබේ හදවතේ ප්‍රශ්නයක්. (Greed destroys everything)
- මිත්‍යා විශ්වාස
එය වස පානය කිරීමක් වැනිය. මිත්‍යා විශ්වාස පසු පස යන්න යන්න, ඔබ ඔබේ දියුණුවේ මග අහුරා ගනී. යම් රටක සංස්කෘතික උරුමයන් සමඟ මෙය පටලවා නොගන්න. අද සමාජයේ බොහෝ දෙනෙක් මිත්‍යාව වපුරමින්
යයි. එයට රාජ්‍ය සංස්ථාවකින් වළක්වීම සිදු නොවේ නම්, තම තමන් මිත්‍යාවෙන් බැහැර විය යුතුයි. මිත්‍යාවෙන් කිසි දිනක ඔබේ ජීවිතයට සෞභාග්‍ය ගෙන ආ නොහැක. මිත්‍යා විශ්වාස කිසිවිටෙක ඔබේ ආත්ම ශක්තිය සකසන්නේ නැත. එය ඔබේ ආත්ම විශ්වාසය මරා දමයි. (If superstition enters the brain, is gone)
- තරහ
තරහ ඔබේ හතුරෙකි. එය ඈතින් තබා ගන්න. තරහ, ඔබේ ජීවිතයේ කඩාවැටීමක් මිස ගොඩනගන කිසිවක් නැත. එය සියල්ල සුණු විසුණු කර දමයි. ඔබේ තීරණ වෙනස් කරයි. කෝපය ඔබේ දියුණුව ගිනි තබයි. (Anger is one letter short of Danger)
6#. ට්‍යුන් කර ගන්න (Tune) ඔබේ හරි චැනල් එක
හැම මිනිස් මනසක්ම විකාශය කරන සහ ග්‍රහණය කරන රේඩියෝ ස්ටේෂන් එකක් වගේ. එයින් විකාශය කරන්නේ ග්‍රහණය කරන්නේ සිතිවිලි තරංග. (Vibrations). තවත් මනසක් විසින් නිකුත් කරන මේ තරංග ග්‍රහණය කරන්න අපේ මොළයට පුළුවන්. හොඳට මොළය එහෙම නැත්නම් මනස පුරුදු පුහුණු කරපු අයට හරිම ලේසියෙන් කෙනෙක්ගේ මනස කියවන්න පුළුවන්.
සිතුවිලි කියන්නේ ශක්තියක්. ඒ ශක්තිය තරංග වශයෙන් යම් යම් සංඛ්‍යාත තුළ ගමන් කරනවා. මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේ වැඩි දුරටත් කතා කරමු කොහොමද අපේ සිතිවිලි මෙහෙයවන්නේ අපිට අවශ්‍ය ඕනෑම දෙයක් ජය ගන්න කියල. මෙතැනදී මම කතා කරන්නේ ඔබ ඔබට අවශ්‍ය චැනල් එක tune කර ගන්න ඕනි. එහෙම tune කර ගන්න ඔබ ඉහත කාරණා සියල්ල සම්පූර්ණ කරලා පැහැදිලි මනසකින් සිටින කෙනෙක් වෙන්න ඕනි. සතුට පිරුණු සතුට බෙදන කෙනෙක් වෙන්න ඕනි. අන්න එදාට ඔබට ලේසියෙන්ම ඔබට අවශ්‍ය channel එක tune කර ගන්න පුළුවන් වෙනවා. ඔබ ආදරය පිටකරන විට ආදරයේ සිතිවිලි තරංග ඔබ ව ග්‍රහණයට පැමිණෙනවා. ඔබ සතුට විකාශය කරන විට ඔබට ග්‍රහණය කරගන්න වෙන්නේ සැප. ප්‍රීතිය. ඔබ කරුණාව විකාශය කරන විට ඔබට කරුණාව මුලු විශ්වයේම කරුණාව ඔබ ග්‍රහණය කර ගනී. ඔබට ජීවිතය පහසු වෙනවා දැනෙන්න වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. අනිත් අයගේ උපකාර ලැබෙනවා අවශ්‍ය හැම වෙලාවේම. හිතන පමාවට දේවල් සිද්ද වෙනවා. ඔබටම මේක අත්දකින්න පුළුවන් වෙයි.
7 # දෙන්න
දෙන්න ඔබ ලබන්න අවශ්‍යම දේ. ආදරය, මුදල්, ඇඳුම්, ආභරණ, සතුට ඔබ ආස දේ අතහරින්නත් ඔබට පුළුවන් වුනොත් තමයි මේ සියල්ල පරිපූර්ණ වෙන්නේ. රජවරු සිටුවරු එදා කොයි තරම් වස්තුව දන් දුන්නද, එත් ඔවුන්ට ලැබුණා මිසක් අඩුවක් වුනාද? නැහැ. ඔවුන් ඒ විශ්ව නීතිය දැනගෙන හිටිය. ඔවුන් තමන්ගේ නම් ගහගන්නේ නැතුවම හදවතින්ම පරිත්‍යාග කළා. ඒ නිසා ඔවුන් තව තවත් ධනස්කන්ධය ලැබුවා. තමන්ට අවශ්‍ය දේ තව කෙනෙක් ගන්න උත්සාහ කරනවා නම් ඔහුට උදවු කරන්න. නැති බැරි අයට පිහිට වෙන්න. හදවතේ සැබෑ පරිත්‍යාගශීලිත්වය ඇති කරගන්න. ඔබට හැකි අයුරින් අනෙකාට පිහිට වෙන්න. හදවතින්ම ජාති ආගම් කුල බෙදා නොතකා මනුෂ්‍යත්වයට ගරු කොට මිනිසුන්ට සත්වයින්ට පිහිට වෙන්න. ඔබේ මේ අවසාන පියවර ඔබව පරිපූරණ කොට ඔබව සාර්ථකත්වයට ඔසවා තබනවා සත්‍යක්. එහි කිසිම සැකයක් නැහැ.
තවත් බොහෝ දේ කතා කරන්නට තිබෙනවා. අපි මීලඟ ලිපියෙන් හමුවෙමු. ඔබ මට ස්තුතිවන්ත වෙනවනම් මෙම blog එකට LIKE කරලා ඔබේ යහළුවන් සමඟ SHARE කරන්න. Comment කරන්න ඔබේ අදහස්. කියවපු like කරපු Share කරපු ආදරණීය ඔබ හැමටම ස්තුතියි.
මම නදීපා රණසිංහ Nadeepa Ranasinghe
obage samaja mehewara agaya karami oba genayana kriyadamayata subapathami you tube vedio siyalla nirmanathamaka kalina aawashiya thawayata mahagu pituwahalki
Congratulations Nadeepa.best of lots of luck.
Super akke. Thw thaw liyann. Mewa kiywnkot hithat loku shakthiyk enw
Wow..aththatama harima watina adahs