1981 සිට 1996 දක්වා ඉපදුණු පුද්ගලයන් පිරිසක් අරගෙන මෑත කාලීන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පුංචි සමීක්ෂණයක් කළා. ඔවුන්ගේ ජීවිතේ වඩාත්ම වැදගත්ම අරමුණ ප්‍රශ්න කළා.
80% කට වඩා ප්‍රකාශ කරල තිබුණේ ජීවිතේ තමන්ට අවශ්‍ය ඉතා පොහොසත් වීමට බවයි. අනෙක් පිරිසෙන් භාගයකටම තිබුණේ වෙනත් ජීවන අරමුණක්. ඉතා ප්‍රසිද්ධ චරිත වීමට. අනිත් අතට මේ අධ්‍යයනයේදී දිගින් දිගටම ඔවුන්ගේ මතය වුණේ ඉතා වෙහෙස වී මහන්සියෙන් වැඩ කළ යුතු බවයි.
එම අධ්‍යයනයෙන් මූලිකවම ප්‍රකාශ වී තිබුණේ හොඳ ජීවන තත්වයක් ලබා ගැනීමට අනිවාර්යෙන්පො පොහොසතෙක්වීම, ප්‍රසිද්ධ චරිතයක් වීම, සිය කාර්යාලයේ මහන්සියෙන් උනන්දුවෙන් වැඩ කිරීම අවශ්‍ය බව යි. ලෝකයේ හැම පුද්ගලයෙක්ම ජීවිතේ මහන්සි වෙන්නේ මේ දේවල් ලබා ගන්න.
නමුත් අපිට ජීවිතේ ඇත්තටම ඕනි මොනවද? බහුතර මතය සල්ලි. හැමෝම වගේ මහන්සි වෙන්නේ සල්ලි හොයන්න. සල්ලි හොයා ගත්තත් සමහර අය ඒ සල්ලි අනිත් පැත්තට වියදම් කරනවා නීරෝගීව ඉන්න බෙහෙත් හේත් ගන්න ටෙස්ට් කරන්න රෝහල් වල ප්‍රතිකාර වලට. එතකොට අපිට වැඩියෙන් වටින්නේ සල්ලිද නීරෝගිකම ද? ආර්ථික ප්‍රශ්න ජීවිතේට ආවම කොහොමත් සතුට නීරෝගිකම මේ ඔක්කොම පණ එපා කියල දුවනවා. එතකොට ආයෙමත් හිතෙනවා වඩා වැදගත් සල්ලිම තමයි කියල.
උදේ හවස බස් වල තෙරපිලා, පාරේ traffic එකේ හෝන් ගගහ හතර වටේට බැන බැන, දවසෙන් වැඩි කාලයක් බිත්ති හතරක්ට කොටු වෙලා වහල්ලු වගේ වැඩ කරනවා සල්ලි හොයන්න. මේක හොයල ඉවර කරන්න පුළුවන් එකක්ද ? ? සමහර අය office එකේම මැරිලා වැටෙනවා. පහුගිය කාලේ එහෙම මරණ වාර්තා වුණා. බහුතරයක් ජීවිතේම හොඳම කාලේ හෘද්‍යාබාද වලින් තම ආදරණීයන්ට සමු දෙනවා. අන්තිමේ හොයපු සතුට දකින්නවත් ඔවුන්ට හම්බ වෙන්නේ නැහැ.
අද අපි කතා කරන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කරපු ලෝකයේ දිගම අධ්‍යයනයේ ප්‍රතිපල. නීරෝගීව, සතුටින් ඉතා දිගු කාලයක් ජීවත් වෙන්නේ කොහොමද කියල. මේ අධ්‍යනය වසර 80 ක් පමණ කාලයක් අරන් කරපු එකක්. ප්‍රතිපල බොහොම ආන්දෝලනාත්මකයි.
1938 දී ආරම්භ කළ මේ අධ්‍යයනය තුළ පුද්ගලයින් 724කගේ ජීවිත අධ්‍යනය කරා. දවසින් දවස වසරින් වසර ඔවුන්ගේ ජීවිත විග්‍රහ කළා. අධ්‍යයනය කළා.
ඔවුන්ගේ ජීවිතයේ ඉදිරිය පිලිබඳ කිසිදු පූර්ව අවබෝධයකින් තොරව සිදුවන දේ නිරීක්ෂණය කළා. 2015 වන විට මොවුන්ගෙන් 60 දෙනෙක් පමණයි ජීවතුන් අතර සිටියේ. ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු 90 පහු කරල. මේ පුද්ගලයින්ගේ දරුවන් 2000 කට අධික ප්‍රමාණයක් දැන් අධ්‍යයනය කරමින් පවතිනවා කියල තමයි මෙම අධ්යනනයේ 4 වන අධ්‍යක්ෂක වන Robert Waldinger පවසන්නේ
එවක මොවුන් සියලුදෙනාම අවුරුදු 20ට අඩු තරුණයින් වූ අතර ඔවුන් සියලු දෙනාම වෛද්‍ය පර්යේෂණ වලට ලක් කරනු ලැබුවා. ඉන් පසුවයි සියල්ල පටන් ගත්තේ. මේ අය විව්ධ තරාතිරම් වල අය.
ඉතාමත් දුප්පත් අයත් ඉතාමත් පොහොසත් අය, හර්වර්ඩ් විශ්වවිද්‍යාල සිසුන් වගේම අනාථ දරුවන් පවා මේ නියැදිය ට ඔවුන් සහබාගී කරගත්ත. ඔවුන් වැඩිහිටියන් බවට පත් වෙද්දී ඒ වගේම විවිධ තරාතිරම්වල පුද්ගලයන් බවට පත් වුණා. කර්මාන්තශාලා කම්කරුවන්, නීතීඥයින්, ගඩොල්අතුරන අය, වෛද්‍යවරු වගේම එක් පුද්ගලයෙක් අමෙරිකා ජනපදයේ ජනපති බවටත් පත් වුණා.
පිරිසක් මත්වතුර වලට ඇබ්බැහි වුණා, සමහරු මානසික රෝගීන් බවට පත් වුණා. ඒ වගේම සමහරෙක් සමාජයේ අන්ත අඩියේම සිට ඉතා ඉහළම ස්ථරයට ළඟා වුණා. සමහරු ඉතා ඉහළ ජීවන තත්වයක සිටි අය සමාජයේ අන්ත අඩියට වැටෙනවා මේ පර්යේෂකයින් බලන් හිටියා.
පර්යේෂකයින් මේ පුද්ගලයින්ට ප්‍රශ්න යොමුකරවිට ඔවුන් නැවත ප්‍රශ්න කරා ‘ඇයි මාව තාමත් අධ්‍යනය කරන්නේ මගේ ජීවිතේ දැන් වැඩක් නැහැ’ කියලා. නමුත් තවදුරටත් ඔවුන්ගේ වෛද්‍ය පර්යේෂණ පවා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේසකයින් විසින් සිදු කළා. සියලු දෙනාගේ මොළය පවා ස්කෑන් කරා. ඔවුන්ගේ දරුවන් සමඟ පවා කතා කරා. හොඳයි, දැන් මේ තරම් පර්යේෂණ කරලා ඔවුන් අවසානයේ හොයාගත්තේ මොනවද? ඒකයි අපිට වැදගත් නේද?
පර්යේෂකයින් හෙව්වේ නීරෝගීව සතුටින් දිගු කාලයක් ජීවත් වෙන්න මිනිසෙක්ට අවශ්‍ය මොනවද කියල.
අවුරුදු 80 ක පර්යේෂණයෙන් අවසානයේ ලබා ගත්තු නිගමනය ” හොඳ මානව සම්බන්දතා ජීවිතේ ඉතා සතුටින් නීරෝගීව සිටීමට මඟ පාදන බව ‘
මුදල් වත්, ප්‍රසිද්ධියවත්, අධ්‍යාපනයවත් නෙවෙයි. සතුට සැනසීම, දීර්ඝායුෂ, නීරෝගීබව මේ සියල්ලටම බලපාන්නේ ඔබේ මානව සම්බන්ධතාව.
හුදකලාව ඔබව ඉක්මනින් ලෙඩ කරනවා. ජීවිතේ සතුට උදුරා ගන්නවා. මරණය ඉක්මන් කරනවා. තමන්ගේ පවුලට, යහළුවන්ට, යහපත් සමාජ සම්බන්ධතාවලට නැඹුරු අය වඩාත් ප්‍රීතිමත් නීරෝගී ජීවිත ගත කළා. හුදකලාව ඉතාමත් විෂ සහිත බව මේ අධ්‍යයනයෙන් ඔප්පු වුණා
වඩාත් හුදකලාව ප්‍රිය කරන්නන් කෙටි ජීවිත ගත කළා. ජීවිතයේ මැද භාගයේදී ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහුණා.
ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයද ඒ සමඟම පිරිහුණා. හුදකලාව කියන්නේ තනිවම හිඳීමම නෙවෙයි. සමහරු පිරිස අතරත් තනිවුණා. සමහරු විවාහ ජීවිතය තුළත් තනි වුණා.
මෙහිදී මෙම පර්යේෂකයින් සොයාගත් වැදගත්ම දේ, ඔබේ ජීවිතයේ ප්‍රීතියට නීරෝගිකමට දීර්ඝායුෂ් ලැබීමට අවශ්‍ය වුණේ ඔබට සිටින මිතුරන් ප්‍රමාණය අංක වලින් නෙවෙයි. ඔබගේ විවාහයේ හෝ මිතුරන්ගේ අවංකබවයි. කොයි තරම් විවෘත අවංක සමීප ඒවගේම හෘදයන්ගම පිරිසක්ද ඔබ වටේ ඉන්නේ කියන කාරණය.
විශේෂයෙන්ම high conflict marriages එනම් දැඩි මතවාද සහිත විවාහ ජීවිත , සෙනෙහස ප්‍රේමය වියලී ගිය විවාහ ජීවිත තුලින් ජීවිත වලට නීරෝගී කමට එල්ල වුණේ ඉතාමත් ඉතාමත් දරුණු පහරක්. දික්කසාදය ලබා ගැනීම ඊට වඩා හිතකර ආකාරයෙන් බලපෑමක් ඇති විය හැකිව තිබුණා.
නමුත් ආදරය රැකවරණය තිබුණු විවාහ ජීවිත ගෙවූ පුද්ගලයින් ආරක්‍ෂිත බව ඔප්පු වුණා. අවුරුදු 80 න් පසුත් සතුටින් සහ ඉතාමත් නීරෝගීව සිටින පුද්ගලයින් ගේ ප්‍රීතිමත් දිවියේ රහස ජීවිතයේ මැදිවියේ තිබුණු කොලස්ටරෝල් ප්‍රමාණය නොවන බවත් එය හුදෙක්ම සිය ආදරය විවාහය සමාජ සම්බන්ධතා තුළ තමන් කොයි තරම් සැනසීමක් ලබනවාද යන්න මතම පමණක් තීරණය වූවක් වුණා. ප්‍රීතිමත් විවාහය ආදරය, වයසට යනවිට ඔබව නීරෝගීව පරිස්සම් කරයි. අවුරුදු ගෙවී ගියත් ජීවිතය තාරුණ්‍යයේ තබයි.
එපමණක්ද ඉතා සුවබර සම්බන්දතා ඔබේ ශරීරය පමණක් නොවෙයි ඔබේ මොළය පවා ආරක්ෂාකරන බව මේ පර්යේෂණ වලින් අනාවරණය වුණා.
හොඳ සම්බන්දතා හැමවිටම සුන්දර වියයුතුම නැහැ. ආදරය සෙනෙහස නිසාම මෙම සම්බන්දතාවල ගැටුම් ඇති විය හැකියි, එය සාමාන්‍ය දෙයක් ඔවුන් පෙන්වා දුන්නා. නමුත් ඔවුන් කොයි තරම් විරසක වුවත් ආදරය සෙනෙහස අඩු වුණේ නැහැ. එම ගැටුම් කිසිදා ඔවුන්ගේ මනසට බලපෑවේ නැහැ. ඔවුනොවුන් අතර හොඳ අවබෝධයක් පැවතුණා.
මානව සම්බන්ධතා කොහොමත් පැටලිලි සහිතයි, සංකීර්ණයි. බැලූ බැල්මට කියන තරම් අලංකාර නැහැ. නමුත් හොඳ සම්බධතා මුළු ජීවිත කාලය පුරාවටම පවතිනවා. නමුත් අවාසනාවකට බොහොමයක් විශ්වාස කරන්නේ ධනය, බලය, ප්‍රසිද්ධිය ජීවිතේ සතුට ලඟා කරගැනීමේ ක්‍රමය බවයි. එය පසු පස්සේ ගිය බොහෝ දෙනෙක්ට ජීවිතේ සැබෑ ආදරය මුණ ගැසුණේ නැහැ. නීරෝගී ජීවිතය ලැබුනේ නැහැ. ඇතැමෙක් ධනය රැස්කළ වහා සියල්ල හැර ගියා.
අවසානයේ සැබෑ සෙනෙහස පමණක් ජීවිතයට සියල්ල ලබා දෙන බව ඔප්පු වුණා.
මම නදීපා රණසිංහ Nadeepa Ranasinghe
ඉතාම වටිනා ලිපියක් . ස්තූතියි ඔබට
Definitely yuh…true…jiwithe sathuta kiyanne danaya,yana wahana newei..Sathuta thiyenne honda sabadatha thiyena thenai..senehasa thiyena thenai….
ස්තූතියි !!
You are welcome