හරි කෙනාව කොහොමහරි වැළඳගන්න කියන්නේ ඇයි ?

වැළඳ ගැනීම කොහොමත් හිතට වගේම ශරීරයටත් පහසක් සතුටක් ගෙන දෙන දෙයක්. ඒත් හැම කෙනෙක්ම වැළඳ ගනිද්දී එක විදියේ පහසක් දැනෙන්නේ නැහැ නේද? සමහරුන්ව අපි කවදාවත් වැළඳ නොගත්තත් ගිහින් වැළඳගන්න කියල හිත ඉල්ලනවා. තව කෙනෙක්ව හැමදාම වැළඳගත්තත් කවදාවත් ඇති වෙන්නේ නැහැ. තවත් කෙනෙක් වැළඳගන්න එනකොට දුවන්න හිතෙනවා. සමහර අය අපි හැමදාම හිතින් ඉන්නේ වැළඳගෙන. මතක් වුණත් යම් ශක්තියක් ඇඟේ දුවනවා වගේ දැනෙනවා. හොඳයි දැන් මේ මොන ගොඩටද ඔබ අයිති?

මොන ගොඩට අයිති වුණත් අද ඔබ කියවන්නේ වැළඳගැනීමේ තියන වැදගත්කම.

මේ පිලිබඳ කළ අධ්‍යයන වලින් සනාථ වෙන්නෙත් එය අපේ සමස්ත යහජීවනයටම රුකුලක් සහ අත්‍යවශ්‍ය මානසික සුවයක් බවයි.
මානසික පීඩනය අවම කිරීමට, ආතතිත අඩු කිරීමට,කාංසාව සුවපත් කිරීමට, ආත්ම විශ්වාසය ඇති කිරීමට ආදරෙන් වැළඳ ගැනීම වඩාත් ඉවහල් වෙනවා.

නමුත් ඔබ ව ශක්තියෙන් පුරවන අයත් ඔබේ ශක්තිය ඇද ගන්නා වැම්පයර්ස්ලත් ඔය අතර ඉන්නවා කියල අමතක කරන්න එපා.

කර්මානුරූපිව එන සම්බදතා මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. Karmic Relationship ඔබ ඔවුන්ට ඔබේ ශක්තිය සම්ප්‍රේෂණය කළත් ඔබට නැවත ලැබෙන ශක්තියක් නැහැ. මෙවැනි සම්බන්දතා ඔබගේ ශක්තිය නිරන්තර ගලනයකට ලක් කරන නිසා ඇතැම් විට ඔබට මහන්සියක්. තෙහෙට්ටුවක් දැනෙන්නත් පුළුවන්. එත් ඔබ ඔවුන්ට ආදරය කරනවා. ඔවුන්ට ශක්තිය දෙනවා. ඔවුන් එක්ක දිගටම ජීවත් වෙනවා. ඔවුන් ඔබට කොයි තරම් රිදෙව්වත් ඔබ දිගින් දිගටම ආදරය කරනවා. අපේ අත්තම්මල කිව්වේ පරණ ණය කාරයෝ කියල ඔන්න ඔය වගේ විවාහ වලට මේ සත්‍ය දැනගෙන වෙන්න ඇති.

හැබැයි මේ Karmic Relationship එකක් සුවපත් කරන්නත් යම් තාක් දුරකට පුළුවන්. අපි මීළඟ ලිපියකින් ඒ ගැන වැඩිදුරටත් කතා කරමු.

තවත් බැඳීම් තියනවා ඔවුන් එකිනෙකාට ශක්තිය සපයනවා. එකිනෙකාගේ ස්පර්ශය පවා ජීවිතය ඉදිරියට තල්ලු කරනවා. අන්න ඒ වගේ වැළඳගැනීම් ඔබවත් ඔබගේ අනෙක් පාර්ශවයත් දෙපසටම ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. අන්න ඒ වගේ වැළඳගැනීමක් තමයි ජීවිතේ ඔබව සුවපත් කරන්නේ. එය ලිංගික බැඳීමක් ම විය යුතු නැහැ. මිතුරෙක් , මව හෝ පියා සහෝදරයා ව්‍යාපාර හවුල්කරු ඕනෑම කෙනෙක් විය හැකියි. එයා කවුරු වුණත් ඒ වගේ බැඳීමක් ජීවිතේ හැමදාම ඔබව ශක්තිමත් කරයි. ඔබ වටා ශක්තිය නිපදවයි.

ඔබ මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් නම් ඔබට පුළුවන් මානසිකව කඩා වැටුණු පුද්ගලයෙකු සුවපත් කරන්න එක හොඳ ශක්තිමත් වැළඳගැනීමකින්. ඉතින් කවදාවත් ඔබ හිතුවද ඔබ හොඳ ශක්ති සම්ප්රෙෂකයෙක් කියල. සුවපත් කරන්නෙක් කියල. නමුත් ඔබ තව කෙනෙක් මුළු හදවතින්ම
වැළඳගැනීමෙන් ඔබව healer කෙනෙක් වෙනවා නිසඟයෙන්ම. මේ ලෝකෙට හොඳ hugs දෙන අය අවශ්‍යම කාලයක්.

එහෙනම් අදම ඔබේ ධනාත්මක හැඟීම් වැඩි කරගන්න. ඔබේ ශක්තිය ආරක්ෂා කරගන්න (Energy Vampires ලාගෙන්) ඒ වගේම අනිත් අයටත් ඔවුන්ගේ මානසික ශක්තිය ප්‍රීතිය වැඩි කරගන්න උදවු කරන්න.
ඉතින් එන්න හොඳ hug එකක් දෙන්න.

මම නදීපා රණසිංහ Nadeepa Ranasinghe

ආදරෙන් පාරද වෙලා පසු තවෙනවද එහෙනම් මේ ඔබට

2 Responses

  1. kohomada api energy vampires lawa haduna ganne. e wagema api hadawathinma kenekwa welada gena shakthiya dunnama ape shakthiya heena wenawwada akke

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× WhatsApp for more info