Morning Routine to change your life

Youtube වීඩියෝව ඇසුරෙන්

ඉතිං අද වීඩියො එක පටන්ගන්න කලින් මට ඕන ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න. බොහොමත්ම ස්තූතියි මාත් එක්ක මේ අවුරුදු දෙකක් වගේ කාලයක් මාත් එක්ක එක දිගටම රැඳිලා හිටියට. ඒ වගේම මට ගොඩාක් messages එවනවා කට්ටිය මගේ channel එක Nadeepa Ranasinghe youtube channel එක ඇතුලේ මේ කතාකරන දේවල් එක්ක ජීවිතේ ගොඩාක් වෙනස් කරගත්තු අය, ව්‍යාපාර දියුණු කරගත්තු අය, ව්‍යාපාර සාර්ථක කර ගත්තු අය, අලුත් විදියට ජිවිතය දිහා දැකපු අය, සැනසීමක් ලබා ගත්තු අය. ඉතිං හරිම සතුටුයි ඕගොල්ලන්ගේ comments කියවද්දි සහ මට සමහරක් අය පෞද්ගලිකව කතාකරනවා. ඉතිං ඒක ගොඩක් හරිම සතුටක්. ඒ වගේම මායා දොරටුවට මායා දොරටුව වටා එකතු වෙච්චි පිරිසකුත් ඉන්නවා. ඒ අයටත් මම මුලින්ම ඒ අයවත් මතක් කරන්න ඕන. මම දන්නවා ඒගොල්ලොත් මේක බලාගෙන ඉන්නවා හැමතිස්සෙමමගේ වීඩියෝ එකක් දානකොට ඒගොල්ලන්ටත් ස්තූතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මගේ වටා මායා දොරටුව වටා එකතු උනාට.

 

මායා දොරටුව කියලා කියන්නෙත් ඇත්තටම ජීවිතේ වෙනස් කරගන්න මාස දෙකක් සති අටක කාලයක් තිස්සේ අපි Mindfulness, භාවනා මේ වගේ දේවල් practice කර කර ජීවිතේ පිලිබඳව වෙනස් විදියකට බල බල අපේ මොළය වෙනස් කරගන්නවා. මොළය වෙනස් කරගන්නවා කියන්නේ ඒ කියන්නේජීවිතය වෙනස් කරගන්නවා කියන එක. ඉතිං මොළය වෙනස් කරගන්නේ thoughts වලින් සිතුවිලි වලින්. අපි හිතන පතන විදිහෙන් මේ හැම දෙයක්ම අපි කතා කරනවා මායා දොරටුවෙන්.ඉතිං මායාදොරටුවට එකතුවෙලා ඉන්න අයත්, එකතුවෙන්න බලාගෙන ඉන්න ඔබටත් ස්තූතිවන්ත වෙන ගමන්ම මට අද දවසෙත් මම හිතාගෙන ආවා ඔයගොල්ලන්ට පොඩි technique එකක් කියලා දෙන්න ඕන කියලා. තමන්ගේ මේ goals වලට යන්න ඒක අපි අන්තිමට තියාගමු වීඩියො එකේ.

 

අද මට කතාකරන්න ඇත්තටම ඕන උනේ දැන් මාව හම්බවෙන්න life coaching වලට ගොඩක් මේ දවස් ටිකේ එන්නෙම Australia වලින් ඉඳන් එන අය මම හිතන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලා කලින් මගෙන් life coaching ගත්ත කට්ටිය දැන් මාව හම්බ වෙන්න එනකොට මට තේරිච්ච දෙයක් තමයි ගොඩක් අයට ඒ කියන්නේ ලංකාවේ සමහර අය කියනවා මේ මට ලංකාවට එන්න ඕන ලංකාව හොඳයි කියලා. හැබැයි අපි ලංකාවට ආදරේ කරන ගොඩාක් අය ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට එන්න විදියක් නැතුව ඉන්නවා මොකද ලංකාවේ ආර්ථික තත්වේ සහ ඒගොල්ලන් බයයි ලංකාවට එන්න දරුවො දරුවොත් අරගෙන. ඉතිං ලංකාවේ ඉන්න පිරිසක් ඉන්නවා ඒගොල්ලො රට යන්න හදනවා ලංකාවේ ඉන්න බයයි කියලා හැමෝම ඉතිං අද මට කියන්න ඕන වුණේ ඇත්තටම දැන් ලංකාවේ ඉන්න බයයි කියන අය ලංකාවෙන් යන්න හදන අයත් ගොඩක් වෙලාවට මානසිකව පීඩනයෙන් ඉන්නේ දුකෙන් ඉන්නේ ලංකාව දාලා ගිහිල්ලා එහේ ඉන්න අය ඉන්නවා ලංකාවට එන්න ඕන කියලා හිතාගෙන ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ භූමිය වෙනස් කරාට ඒගොල්ලොත් ඒ පීඩනයෙන්ම ඉන්නවා ඒ විදියටම දුක්වෙනවා. අනේ අපිට ලංකාවට යන්න බැරි වුනානේ කියලා එතකොට මේ අවස්ථා දෙකම අරගත්තොත් ඇත්තටම ලංකාවේ හිටියත් එහේ හිටියත් අපි හැමෝගෙම මානසික මට්ටම එක වගේ නම් peace peace of mind සැනසීමක්, සාමයක්, සතුටක් නැත්නම් අපිමෙහේ ගැන හිත හිත ඉන්නවා නම් ඒ කියන්නේ එතනත් අපිට ලබා ලබා ගන්න ඒගිය සතුට අපිට හම්බවෙලා නෑ. සතුට කියන්නේ සල්ලි ද, සතුට කියන්නේ වාහන ද, සතුට කියන්නේ ගෙවල් දොරවල් ද මොනවද සතුට කියන්නේ. නෑ. සතුට කියලා කියන්නේ තමන්ට තියෙන දේත් එක්ක අපි කොච්චර සැනසීමකට පත්වෙනවද කියන එක. ඉතිං සතුට කියන්නෙ අපි වඩන්න ඕන දෙයක්, අපි practice කරන්න ඕන දෙයක්. ඉතිං ඒක තමයි මම මායාදොරටුව අස්සේ නම් මම හිතන්නේ zero level එකේ ඉඳලම අපි මේක වඩන්න පුරුදුවෙනවා. මේ සතුට වඩන්න සතුට practice කරන්න.

 

අපිට මේ භාවනා කරන්න ඕනේ සහ මේ අපේ මේ focus එක තියාගන්න අපේ mind එක වෙනස් කරගන්න thoughts වෙනස් කරගන්න හොඳම තැනක් තමයි අපිටවැටිලා තියෙන අමාරුම තැනින් තමයි පටන් ගන්න ඕන. ඉතිං අපේ රට දැන් කඩා වැටිලා තියෙනවා නම්, ආර්ථිකව කඩා වැටිලා තියෙනවා නම්, දේශපාලනව කඩා වැටිලා තියෙනවා නම්, අපිට හොඳ පාඩමක් මෙතන දී උගන්වනවා. එකක් අපි මෙච්චර කාලයක් ඔහේ ගිහිල්ලා මේ බත් පැකට් එකට මොනවා හරි පොඩි පොඩි වාසියකට ටකරන් ගන්න වහල හදාගන්න, කුස්සියක් හදාගන්න, Machine එකක් ගන්න, උදලු තලයක් ගන්න අපි ජන්දේ දුන්නා. දේශපාලනිකව ලෝකේ හැම රටක්ම කඩා වැටෙනවා හැබැයි අපි දන්නැතුව මම කියන්නේ මේ පක්ෂ භේදයක් නැතුව හැම පක්ශයේම ඉන්නවා නුසුදුසු අය. ඒ කියන්නේ රට පාලනයට නුසුදුසු අය හැම පක්ෂෙම ඉන්නවා පක්ෂ දහයක් ගත්තොත් ඒ දහයෙම ඉන්නවා. ඉතිං නමුත් අපි තමයි ඒගොල්ලන්ව පත්කරලා යවන්නේ. හොර ජන්දේ දාන්නේ නෑනේ ඉස්සර වගේ දැන් හොර ජන්දේ දාන්නෑ (laughing) ඉතිං ජන්ද වලින් තමයි එන්නේ. 

හැබැයි ඊටපස්සෙ අපිම ජන්දෙ දිලා පත්කරගෙන අපිටම බනින්න සිද්ධ වෙනවා අන්තිමේදී අපි දොස් කිය කිය ඉදලා වැඩක් නෑ අවසානෙදි ඇඟිල්ල දික්වෙන්නේ අපිටමයි. ඉතිං ඒ නිසා කොහෙන් ගත්තත් අපිට අපේ ජීවිත තනි තනිවම අපිට අපේ ජීවිත වෙනස් කරගන්න පුලුවන් නම් අපේ මොළේ වෙනස් කරගන්න පුලුවන් නම් අපි දකින විදිය වෙනස් කරගන්න පුලුවන් නම් අපිට පුලුවන් සමාජයම වෙනස් කරන්න. සමහර විට අපි ඔක්කොම එකතු උනොත් අපිරටම වෙනස් කරගන්න පුලුවන් වෙයි. මේ ලඟදි මම මුණගැහුනා එක්තරා පුද්ගලයෙක් හරීම negative කෙනෙක් හරිම ඍණාත්මකව හිතන කෙනෙක්. ඔහු හැමදේටකම හැමදේටකම ගරහනවා, බනිනවා, චෝදනා කරනවා, පෙන්නලා දෙනවා මේ බලන්න මේකේ මේක වැරදි. Light කණුවක් දැක්කත් ඒ light කණුව හිටවපු එක වැරදි කියනවා. ගේට්ටුවක් දැක්කත් ඒකේ ඒක වරදක් දකිනවා, තාප්පයක් දැක්කත් ඒක හදලා තියෙනවා වැරදි කියනවා, ගහක් දැක්කත් ඒක හිටවලා තියෙන තැන වැරදි කියනවා. ඉතිං ළමයෙක් දැක්කොත් ඒ ළමයා හදලා තියෙනවා වැරදි කියනවා. ඉතිං ඒ විදියට ගත්තොත් ඇත්තටම ඒ පුද්ගලයගේ ජීවිතයත් අරගත්තම ඒ පුද්ගලයත් එහෙම ජීවිතය දිනපු කෙනෙක් නෙමේ. තමන්ගේ ජිවිතය ඇතුලේ තමන්ට පුලුවන් දේවල් කරපු කෙනෙකුත් නෙමේ.

 

ඔබත් පොඩ්ඩක් හොයලා බලන්න ඔබගේ පවුලේ ඇති එහෙම අය, ගමේ ඇති එහෙම අය, රටේ සමාජේ ගොඩාක් අනිත් අයට ගරහන අනිත් අයගේ වැරදි විවේචනයම කරන කෙනෙක් ගත්තොත් අන්තිමට ඔහුගේ ජිවිතයෙත් ඔහු කරගත්තු දේකුත් නැහැ. ඔහු සමහරක් වෙලාවට ඔහු ඔහුට කරගෙනත් නෑ, දරුවන්ට කරලත් නෑ, සමාජෙට කරපු දේකුත් නැහැ. ඉතිං ඒ වගේ කෙනෙක්වමට මුණ ගැහිලා මම කිව්වම පුලුවන් නම් මේ දැන් මේක තේරුම් ගන්න. දැන් ඔබ යම් කිසිදෙයක් දිහා දැන් ඔබටත් මේක අහගන්න පුලුවන්. අපි යම්කිසි දෙයක් දිහා බලලා මේක විවේචනය කරද්දි අපි උදාහරණයක් විදියට කියමු අපි හිතමු light කණුවක් පාරේ මැද්දේ ඉන්දලාතියෙනවා එතකොට අපි යන යන පාරට මේ බලන්න shit මුන් මහ මොඩයෝ, මී හරක් කිය කිය අපි බනිනවා. ඒ බනින මොහොතේ අපේ හිතේ තමයි ඒ ආතතිය හටගන්නේ මම බනින මොහොතේ light කණුව තියෙනවා ඉස්සරහා මම වාහනේ යනවා එතකොට ඒ light කණුව දකින මොහොතේ කොහෙද ඒ කේන්තිය ඇතිවෙන්නේ මගේ මනසේ. 

 

කොහේද ඒ තරහා ඇතිවෙන්නේ මගේ මනසේ light කණුවෙද ඒක ඇතිවෙන්නේ. නෑ. එහෙම නැත්නම් ඒ light කණුව ඉන්දපු කෙනාටද ඒ හෝමොනය ශ්‍රාවය වෙන්න ගන්නේ? නැහැ. ඒ දේ දැක්කම ඒකට අදාළ negative thoughts අපිට එනකොට ඒ negative thoughts හරහා අපේ මොළේ වැඩකරන්න ගන්නවා stress එකක් එනවා. Cortisone ශ්‍රාවය වෙන්න ගන්නවා. ඊට අමතරව complain කරන අයගේ Hippocampus කියන මොළයේ අපේ ප්‍රශ්න කිරීම සහ මේ ගැටළු විසඳීම වගේ අර බුද්ධිමය අහ් බුද්ධිමය අංශයක් මෙහෙයවන Hippocampus කියන ඒ කුඩා කොටස හැකිලෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් බලන්න මේවා වෙන්නේ කොහෙද මේක වෙන්නේ light කණුවෙද මේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ light කණුව ඉන්දපු කෙනාගෙද එහෙම නැත්තන් නගර සභාවේ නගරාධිපතිගේ ද මේක වෙන්නේ ජනාධිපතිතුමාගේ ද මේක වෙන්නෙ? නෑ. මේක වෙන්නේ මගේ. මේක වෙන්නෙ ඔබේ. විවේචනය කරන කෙනාගේ. ඉතිං ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. එතකොට හිතෙන්න පුලුවන් අපෝ මේක හරි අසාධාරණයිනේ. නෑ විශ්වය සහ මේ ස්වභාව දහම කියන කිසිම එක තැනක අසාධාරණයක් කරලා නැහැ කිසිම කෙනෙක්ට ඒගොල්ලෝ මේ විශ්වය විසින් කරන්නෙ මේ ස්වභාව දහමෙන් සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන් අපිට මොනවා හරි දෙයක් අවශ්‍යයි ද අපි හැමතිස්සෙම දැන් අපි හිතමු බලු පැටියෙක්ට වේවා, දරුවෙක්ට හෝ වේවා බඩගිනි වුනොත් කෑම තමයි එයාගේ focus එක.

 

කෑම ඉල්ලනවා, අඬනවා අඬනවා කෑම ඉල්ලනවා. එතකොට මට කෑම කෑම කෑම මට කෑම ඕන කෑම කෑම කෑම කියලා හිතේ තියෙන වෙලාවට අපිට කෑම හම්බ වෙනවා. ඉතිං ඒ වගේ තමයි. අර අඬන්න ඕන නේ කිරි එරෙන්න කියන්නේ. ඒ වගේ තමයි ඒත් ඒක ස්වභාවදහමේ දෙයක්. අපේ දරුවා අඬනකොට අම්මගේ කිරි එනවා. දරුවා බඩගිනි වෙනකොට කිරි එනවා. ඒ වගේ තමයි අපට අවශ්‍ය දේ අපේ මනසේ නිර්මාණය වෙන කොට ඒක ලබා දෙන්න මේ ස්වභාවදහම බැඳිලා ඉන්නවා. එතකොට අපි විවේචනය කරන කෙනෙක් නම් හැමතිස්සෙම විවේචනය, විවේචනය, විවේචනය, විවේචනය, දුක, දුක, දුක, කළකිරිම, කළකිරීම, කළකිරීම, මට මහන්සියි, මට අසනීපයි, මට ලෙඩ, මට සල්ලි නෑ, අපිට අමාරුයි, අපිට අමාරුයි, අපිට අමාරුයි, මේ රට විනාශයි, මේ රට විනාශයි, මේ රට විනාශයි කියලා කියන්න, කියන්න, කියන්න කියන්න මොකද වෙන්නෙ ඒ තත්වෙට ඒ තත්වය ස්වභාවදහම විසින් ඒ තත්වය නිර්මාණය කරනවා. අපි manifestation කියලා කියන්නේ English වලින් අන්න ඒකට. තමන්ට අවශ්‍ය ඕනම දෙයක් ජීවිතය තුල මවා ගැනීමේ හැකියාව කියන්නේ අන්න ඒක. 

 

එතකොට අපිට සාමාන්‍යයෙන් අපි focus කරන්නේ තව කෙනෙක්ගේ විවේචනයද focus කරන්නේ තමන්ගේ අඩුපාඩුකම් හොයන එකටද අනුන්ගේ අඩුපාඩු හොයන එකටද එහෙම නම් ඉවරයි ඔබ එහෙම කෙනෙක් නම් අලුත් අවුරුද්දේ මේ ටික නැතිකරගන්න ඒක එක දෙයක් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන. මොකද තරහක්, වෛරයක්, කළකිරීමක්, දුකක් මේ හැම දේම හටගන්නේ අපිට වැරැද්ද කරපු කෙනාගේ නෙමෙයි. අපිට වැරැද්ද කරපු කෙනා ඒ වැරැද්ද කරලා යයි යන්න සමහරවිට එයා වෙන රටකට ගිහිල්ලා ඇති එයාගේ ජිවිතේ එයා ගත කරනවා ඇති හැබැයි මම එයා ගැන මතක් වෙද්දි මට දුකක්, කළකිරීමක් එනවා නම් එයා එයා මට කරපු දේ මතක් වෙද්දි මට මට හරිම වේදනාවක් දැනෙනවා නම් ඒක දැනෙන්නෙ මගේ මොළයේ මේ මොහොතේ මගේ මොළයේ මගේ මනසේ සමහරවිට එයා ඒක මට කරන්න ඇති මීට අවුරුදු දෙහෙකට කලින්. මීට අවුරුදු දෙහෙකට කලින්.

 

නමුත් ඒක මතක් වෙන්නේ මේ මොහොතේ මේ තප්පරේමේ තප්පරේමට ඒක මතක් වෙද්දි කොහේද රිදෙන්නේ මේ වෙලාවේ මගේ පපුව රිදෙනවා, මේ වෙලාවේ මගේ ඔලුව රිදෙනවා, මේ වෙලාවේ මගේ stress හොර්මෝනය ස්‍රාවය වෙනවා, මේ වෙලාවේ මගේ ශක්තිය අහක යනවා, ශක්තිය අපතේ යනවා, මේ වෙලාවේ මගේ focus එක out වෙනවා. එතකොට එහෙනම්, අපිට වැරදි කරපු දහසක් දෙනෙක් ඇති. ඔන්න අද ඕගොල්ලන්ට technique එකක් කියලා දෙනවා. ඒක හැමදාම කරන්න, හැම දවසකම කරන්න, අළුත් අවුරුද්ද අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. අද මට ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන වුණා technique එකක්. ඒ තමයි සමාව දීම, සමාව ගැනීම. මගේ මායා දොරටුව ඉගෙනගන්න අය නම් දන්නවා මේ සමාව දීම, සමාව ගැනීම කියන්නේ මොකක්ද මේ technique එක කියලා. මගේ life coaching කරන අයත් මේක හැමෝම කරන එකක්. ඉතින් මට හිතුනා ඒක ඔබටත් මේක දෙන්න මොකද අළුත් අවුරුද්දක් එනවා මේ අළුත් අවුරුද්දේ අපි අනිවාර්යයෙන්ම මේක පුරුදු වුණොත් මේක අනිවාර්යයෙන්ම අපේ ජීවිත වලට අදාළ කරගන්න ඕන එකතු කරගන්න ඕන ගුණාංගයක්. මොකද මේක මමත් මේක පුරුදු පුරුදු වුණේ මීට අවුරුදු පහකට හයකට විතර කලින් තමයි මං මේක practice කරේ law of attraction සහ විවිධ මනෝ විද්‍යාත්මක ක්‍රමවේද.

 

මගේ ජීවිතය ඒ දවස් වල අරගෙන අරගෙන ආවට මෙන්න මේ technique එක මං පාවිච්චි කරලා තිබුන්නැහැ ඒ කාලේ. හැබැයි අවුරුදු පහකට වගේ කලින් තමයි මේ technique එක පාවිච්චි කරන්න ගත්තේ ඇත්තටම තාමත් මම ඒක කරනවා උදේ හවස විශේෂයෙන්ම උදේට ඒක කරනවා. ඕගොල්ලන්ටත් පුලුවන් නම් උදේ පාන්දර නැගිටපු ගමන්ම තමන් විශේෂයෙන්ම පළවෙනිම දේ උදේ පාන්දර නැගිටපු ගමන්ම තමන්‍ට තියෙන දේට ස්තූතිවන්ත වෙන්න. තමන්‍ට තියෙන දේට ස්තූතිවන්ත වෙන්න. තමන්‍ට තියෙන්නෙ මොනවද ඕනෙම දෙයක් එකක් දෙකක් හරි කමක් නෑ. වතුර ටිකක්, කන්න බොන්න ටිකක් තියෙනවා නම් තමන්ට හොඳ ශරීරයක් තියෙනවා නම් රූප සම්පත්තියක් තියෙනවා නම්, අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවා නම් මොනවා හරි තමන්ට හොඳයි කියලා හිතෙන මොනවා හරි blessings අපි හැමෝම ගාව තියෙනවා. අහ් ඒ කියන්නේ අපි පාරට වැටුණත් මොනවා හරි එකක් අපිට තියෙනවා blessing එකක් ස්වභාව දහම විසින් දීපු. ඉතින් ඒ ස්වභාව දහම විසින් දීපු මොනවා හරි ටිකක් මතක් වෙනවා නම් ඒක මතක් කරන්න. ඒක මතක් වෙලා ස්තූතිවන්ත වෙන්න නැගිටපු ගමන්ම. ඔන්න ඊලඟ තමයි ස්තූතිවන්ත කියන එක නම් මම සාමාන්‍යයෙන් මගේ youtube channel එකේ හැමදාම කතාකරන එකක්.

 

මොකද ඒක තමයි basic ම දේ අපි මනෝ විද්‍යාව පැත්තෙන් ගත්තත්, අපේ brain එක සම්බන්ධයෙන් ගත්තත්, neuroplasticity මොන පැත්තෙන් මොළේ සම්බන්ධයෙන් මොන පැත්තෙන් ගත්තත් මේ ස්තූතිවන්ත වීම thankfulness කියන එක හරිම important දෙයක් අපේ ජීවිතේ දවස පටන්ගන්න සහ අපේ ජීවිතේ හැම මොහොතකම හැම මොහොතකම අපිට කන කෑමට බොන වතුර ටිකට අපිට ස්තූතිවන්ත වෙන්න පුලුවන් නම් ඒක අස්සේ ලොකු විශාල ශක්තියක් ගොඩනැගෙනවා අපි තුළ. ලොකු විශාල සහනයක් ගොඩ නැගෙනවා. හරිම ස්තූතිවන්ත වීම තුළ ඒක තියෙන්නෙ අර ඔබට මම කලින් video එකක් කරළා තියෙනවා David Hawkingsගේ emotional pyramid එක ඒ emotional pyramid එක දැන් ඕගොල්ලන්ට බලන්න පුලුවන්David Hawkingsගේ emotional pyramid එක. මේක ගැන මම තවදුරටත්ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන්නම් දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක ඒ වගේම ඉස්සරහට එන videos බලන්න පුලුවන් ඕගොල්ලන්ට subscribe කරලා bell button එක click කලොත්. ඉතිං bell, bell icon එකත් ඒ bell button එක click කරලා subscribe කරලා තියාගන්න එතකොට තමයි ඕගොල්ලන්ට මම video  එකක් දැන්මම ඒක ඕගොල්ලන්ගේ phone එකට notification එකක් එන්නේ.

 

මොකද සමහර අය කියනවා video එකක් දැම්මා කියලා අපිට තේරුනේ නෑ. අපි දන්නේ නෑ කියලා. ඒකයි මම එහෙම කිව්වේ ඉතිං මම කියන්න ගියේ මේ ස්තූතිවන්තවීම කියන එක මෙන්න මේ emotional pyramid එකේ ඉතාම ඉහලින් තියෙන දෙයක්. මේක guide එකක් කරගන්න පුලුවන් අපේ ජීවිතයට ඇත්තටම අපිට පුලුවන් නම් මේ ස්තූතිවන්තවීම ස්තූතිවන්තවීම හරහා ඒ ලැබෙන ඒ relief එක, ඒ සහනය ඒ සහනය විඳින්න ඒ සහනය හරිම ඉහළ frequency level එකක් ඒ නිසා අලුත් අවුරුද්දට යන ඔබට පුලුවන් මේ මේ මේ සහනයත් එක්ක අලුත් ජිවිතයක් අලුත් පිටුවක් ජීවිතේ පෙරලන්න. ඊළඟට මගේ අනිත් technique එක තමයි සමාව දීම සමාව ගැනීම. සමාව දීම සමාව ගැනීමකියලා කියන්නේ ඕගොල්ලන් මුළු හදවතින්ම මුලු ඇට මිදුළු වලින්ම කරන්න ඕන එකක්. මොකද මගේ මායාදොරටුවෙත් ගොඩාක් කට්ටිය මේ සමාව දීම සමාව ගැනීම ගොඩක් කට්ටිය නෙමේ ඇත්තටම මායා දොරටුවේ හැමෝම මායා දොරටුවේ හැමෝම අනිවාර්යයෙන්ම කරන්නම ඕන must එකක්. මේක මායා දොරටුවේ ගොඩක් practices කරනවා. ගොඩාක් techniques කරනවා අපේ ජීවිතයට. 

 

හැබැයි මේ basic දේ මේක හරිම basic level එකේ එකක් හැබැයි මේක අනිවාර්යයෙන්ම පටන්ගන්නේ මේකෙන්. මේක තමයි foundation එක. ඉතිං ඔබත් ඒක කරන්න ස්තුතිවන්ත වුනාට පස්සේ සමාව දෙන්න සමාව ගන්න සමාව දෙන්න පුලුවන් අපිට. අපිට පුලුවන් අපිට අපි අපි අතින් මුලින්ම අපි අතින් වැරදි වෙලා තියෙන්න පුලුවන්. අපි දැන හෝ නොදැන අපේ අතින් වැරදි වෙලා තියෙනවා. නමුත් විශ්වයේ ලොකු විශාල ගමනක් අපේ energy එක මම කියල දෙයක් ඇත්තටම නැහැනේ මම මගේ කියලා දෙයක් ඇත්තටම නැහැ. මේ අපිවත් අයිති මේ විශ්වයටම තමයි. අපි මේ විශ්වයෙන් හදපු ගමනක යන්නේ. මගේ human energy එක ඔබ දන්නවා මම හැමතිස්සෙම කියනවා අපි energy එකක් අපි ශක්තියක් අපිව මෙහෙම පෙනුනටමේ ඇත්ත හැඩය නෙමේ අපේ. නිකන් energy cloud එකක් වගේ. නිකන් පොඩි වළාකුළක් වගේ. ඉතිං මේ වළාකුළ මේ ශක්තිය මේ විශ්වයේ ලොකු ගමනක් මෙතනට ආවේ අද මේ නදීපා කියන මේ ස්වරූපය මේ DNA මගේ අම්මා තාත්තා ගේ DNA වලින් ඇවිල්ලා මේ භෞතික තාවකාලික ඇඳුමක හිරවෙච්චි තාවකාලික ඇඳුමක හිරවෙච්චි නිකන් ආත්මයක් නේ හරිම නිකන් පොඩි spirit එකක් ශක්තියක්. 

 

මම ආත්මය කියන වචනයට ආස නෑ. අපි කියමු ශක්තියක්, energy එකක් මේ energy එක ඇත්තටම මේක යනවා ගමනක්. මෙතන මේ පොඩි තාවකාලික නවාතැන්පොළක් විතරයි. ඊටපස්සෙ ආයේ යනවා සමහරවිට පෘථිවියෙනුත් යන්න යන්නත් පුලුවන් එහාට පෘථිවිය කියන්නෙත් තව එක්තරා හිරගෙයක් විතරයි. ඉතින් මේක අස්සෙනුත් මේ හිරගෙදරෙනුත් අපි නිදහස් වෙලා යන්නත් පුලුවන්. හැබැයි මතක තියාගන්න හිරගෙදර හිටියත් මේ හිර ගෙදරට ස්තූතිවන්ත වෙන්න මේ හිර ගෙදරින් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජන ගන්න. විශේෂයෙන්ම අපේ mind එක දියුණු කරගන්න, සතුටින් ජීවත් වෙන්න, අපිට පුලුවන් අපිට මෙතන එහෙම දුක, දුක, දුක, දුකම නෙමෙයි. අපිට ඒ දුක තුළ දුකයි කියන එක අවබෝධ කරගන්න පුලුවන් මේක සාමාන්‍යය දෙයක්, අටලෝදහම කියන්නෙ ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස, අයස, දුක, සැප මේ හැම දෙයක්ම එනවා. අපේ සෘතු භේදය වගේ ඒවා එනවා. හැබැයි අපි සෘතුව වෙනස් වුණා කියලා අපි කලබල වෙන්න ඕන නැහැ. අපිට ශීත කාලය එනවා නම් අපි ශීත කාලෙට ලෑස්ති වෙනවා. ගිම්හානය එනවා අපි ගිම්හානයට ලෑස්ති වෙනවා. අපි දන්නවා ගිම්හානය එනවා කියලා. ඉතින් අපේ ජීවිත වලත් එහෙම තමයි අපි ඒකට කියනවා principle of Rhythm මේ විශ්වයේ තියෙන principles, rhythms. 

 

හේතු ඵල ධර්මය වගේම මේ මේ rhythm කියන එක මේ රටාව මෙන්න මේ රිද්මය කියන එක විශ්වයේ විශ්වයේම තියෙන පෘථිවිය මත විතරක් නෙමෙයි මේ දේවල් විශ්වයේම තියෙනවා. ඔබ අපිට අඟහරුගේ ජීවත් වෙන්න ගියත් එහෙම තමයි. අටලෝදහම (inaudible) of rhythm කියන එක වෙනස් වෙන්නැහැ. ඔබ mars ට ගියත් කොහේ ගියත් වෙනස් වෙන්නැහැ. ඉතින් එතකොට මේ සමාව දීම, සමාව ගැනීම කියන කාරණයෙදි මේක හරි වැදගත් මේ අපි ආපු ගමන් මගේ මේ අපේ ශක්තිය ආපු ගමන් මගේ අපි විවිධ forms වලින් ආවා. අපි විවිධ ස්වරූපයන් ගෙන් ආවා. ඒ ගමන් මගේ අපේ අතින් කොච්චර වැරදි සිද්ද වෙන්න ඇත්ද. අපි කොච්චර අනිත් අයගේ හිත රිදවන්න ඇතිද. ඉතින් එහෙනම් හැම දවසකම ඒ දේවල් වලට සමාව ඉල්ලන්න. මේ මගේ ශක්තිය මේ විශ්වයේ ආපු ගමන් මාර්ගය මේ මොහොත වෙනකන් මගේ අතින් මම දැන හෝ නොදැන සිදුවෙලා තියෙන වැරදිවලට මට සමාව ලැබේවා මට සමාව ලැබේවා. මට සමාව ලැබේවා. 

 

ඒ වගේම අනිත් අයත් මේ අනිත් ශක්තීනුත් එනවනේ මේ ගමන අපි වගේම අවුරුදු දහස් දස දහස් ගණන් සමහරවිට එනවා ඇති. සමහරවිට ලක්ෂ ගණන් එනවා ඇති නේද? එතකොට මේ එන ගමන් ගමන් මාර්ගයේ මේ මොහොත වෙනකන් අනිත් අය මට වැරදි කරලා තියෙන්න පුලුවන්, මගේ හිත රිදිලා තියෙන්න පුලුවන්, මම අඬලා තියෙන්න පුලුවන්, මම වැළපීලා තියෙන්න පුලුවන්. මේ මොහොතේ ඒ අයටත් මම සමාව දෙමි, සමාව දෙමි, සමාව දෙමි. මේක හරිම important technique එකක් කරලා බලන්න. මම කියනවට කරලා බලන්න මේ දෙකම එකට කරන්න. ඔන්න මම මගේ secret එකක් ඔයගොල්ලන්ට දුන්නා මොකද මම සාමාන්‍යයෙන් වැඩිය ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ ඔලුව හදනවා youtubeඑකේ technique එකක් දුන්නත් දෙන්නේ ඕනෑම කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් විතරයි. ඒකට මම වගකියනවා මොකද මේවා මමත් කරලා ඒ වගේම මගේ clients ලා මගෙන් life coaching  ගන්න අය ඒ වගේම ගොඩාක් දෙනෙක්, ගොඩාක් දෙනෙක් මම හිතන්නේ මේ අවුරුදු දෙක තුන ඇතුලත ගොඩක් සෑහෙන පිරිසක් මේ දේවල් කරලා ජීවිතය වෙනස් කරන් තියෙනවා. 

 

විශේෂයෙන්ම මායා දොරටුව හරහා අපි කරන හැම technique එකක්ම හරි අවබෝධයෙන් අපි හැමෝම කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඒ හැමෝගෙම ජීවිතවල සහනයක්, සැනසීමක්, වෙනසක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙදි වෙනස කියලා කියන්නෙ ඇත්තටම සාර්ථකත්වය. සාර්ථකත්වයට යන්නෙ. ඒ නිසා ඔබත් මේ basic ම මෙන්න මේ මේක කරන්න ඔබ අලුත් අවුරුද්දට යනකොට මේක ඔබේ ජීවිතයට එකතු කරගන්න. මේක හැම දවසකම උදේ නැගිටලා මේක කරන්න. මුළු හදවතින්ම කරන්න. සමාව දෙන්න ඒ වගේම සමාව ගන්න. මේක ඔබේ ජීවිතයේ අහ් ජීවිතයේ වැදගත්ම quality එකක් විදිහට තියාගෙන ඉන්න. ඔබ මගේ මායා දොරටුව වෙන්න පුලුවන් මගේ client කෙනෙක් බලන් ඉන්න පුලුවන්. ඒගොල්ලන් මේක දන්නවා හැබැයි ඔබ මගේ youtube channel එකේ මේක බලන කෙනෙක් නම් මගේ NadeepaRanasingheyoutube channel එකේ fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ මේක කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේක කරන්න. මේක තර්කානුකූලව ඔබ බුද්ධියෙන් හිතලා කරන්න. මුළු හදවතින්ම කරන්න. ඔබගේ ඇට, ලේ, මස්, නහර වලින්ම මේ සමාව දෙන්න, සමාව ගන්න, ස්තූතිවන්ත වෙන්න. 

 

මේ සමාව දීම සමාව ගැනීමේදි අපේ energy එකේ අපේ ශක්තියේ තියෙන මේ තරහ, වෛරය, කළකිරීම මේ අපි අල්ලගෙන ඉන්න ඒ පටිඝ අපි තරහව, ද්වේශය මේ හැම දෙයක්ම අතෑරලා අතෑරලා දන්නෙම නැතුව මේක මාස දෙක තුන එක දිගටම කරද්දි දන්නෙම නැතුව අපේ ඇඟ සුද්ධ වෙනවා. අපේ ශරීරය, අපේ energy එක සුද්ධ වෙනවා. ඉතින් ඒක හරිම වැදගත් අපේ energy blocks තියෙන්න පුලුවන්. ඔබට සල්ලි, ආදරය මේ දේවල් එන්නැතුව හිරවෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකත් ඒකටත් මේක බලපානවා. අපි මේ තරහෙන් වෛරයෙන් අල්ලගෙන ඉන්න දේවල් නිසා අපි abundance level එකට යන්න සෞභාග්‍යය level එකට යන්න අපිට බැරිවෙලා තියෙනවා. එහෙම නම් ඔන්න විනාඩි 20ක් විතර ගියා. අද දවසේ අහ් වීඩියෝ එකට. ඉතින් බොහෝමත්ම ස්තූතියි විනාඩි 20ක් මගේ දිහා බලාගෙන හිටියට. එහෙම නම් මං දන්නවා අද දවසේ ගොඩක් දෙනෙක් subscribe කරා, share කරා, like කරා, ඒ හැම දෙනාටම මගේ ස්තූතිය කෘතඥතාව පිරි නමනවා. ඕගොල්ලෝ නිසා තමයි ඕගොල්ලන් මට support කරන නිසා තමයි මට හැමතිස්සෙම එන්නේ උනන්දුවක් ඕගොල්ලන්ට මේ දේ කරන්න. 

 

මොන හැමතිස්සෙම ඕගොල්ලන්ව මතක් වෙනවා මොනවා හරි කරද්දි video එකක් කරන්න ඕනි. මෙන්න මේ ගැන කරන්න ඕනිකියලා මොකද ඔබේ ආදරය මට දැනෙන හින්දා. එහෙම නම් බොහෝමත්ම ස්තූතියි. ඉක්මනටම ආපහු මුණ ගැහෙමු. ආයුබෝවන්! 

 

 

Link to watch video – https://www.youtube.com/watch?v=glBrGlxHZsk

Tags :
Uncategorized
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can we help you?