පුංචි ම පුංචි එදිනෙදා දේවල් අමතක වෙන මහා ලොකු talk දාන මිනිස්සු අපේ සමාජයේ කොයි තරම් උපවාදයට ලක් වෙනවද. එක්කෝ සැමියාගෙන්, එහෙම නැත්තන් බිරිඳගෙන් හිතවතුන්ගෙන්, නෑයින්ගෙන්. මෙන්න මේ කතාව ඔය ඔක්කොම උපහාස වලට දීපු කණේ පාරක්.
ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ කළ පර්යේෂණයක ප්‍රතිපලයක් විදියට තමයි මේ කරුණු හෙළිදරවු වුණේ.
මොළය කියන්නේ ස්වාබාදහම මිනිසා වෙනුවෙන්ම නිර්මාණය කළ විශ්මිත පරිපූර්ණ නිමැවුම. ඇත්තටම මේ පුංචි පුංචි අමතකවීම් වලට හේතුවත් මේ විශ්මිත මොළයේ ක්‍රියාකාරිත්වයම තමයි. දක්ෂ මිනිසුන් නිතරම බොහොම පුංචි දේවල් අමතක වීමේ කරදරයට මුහුණ දෙනවා. හැබැයි ඒවා ඔවුන්ගේ දැක්මෙන් ගත්තොත් , ඔවුන් අවධානය යොමුකරන විෂයන් එක්ක ගත්තොත් හරිම අවශේෂ කාරණා. අන්න ඒ නිසාම අලුත් අලුත් ගැඹුරු දැනුම ධාරණය කිරීමේ පහසුවටත් වැදගත් තීර්ණ ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීමටත් ඔය කියන සුළු සුළු අවශේෂ කාරණා මොළය විසින්ම අමතක කිරීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙනවා.
කොහොමවුණත් ඉතා ඉහළ බුද්ධි මට්ටමක තියන යට මේ පොඩි පොඩි දේවල් අමතක වෙනවා විතරක් නෙවෙයි මෙන්න මේ ලක්ෂණ 9 ත් තියනවා කියල ඔබ දැනගෙන ඉන්නේ නැතුව ඇති.
1# හැම දෙයක් ගැනම තියන කුතුහලය
මේක ඇත්තටම හැමෝටම නැහැ. කාගේවත් ඕපා දූප හොයන්න තියන කුතුහලය නෙවෙයි ඔන්න. මේ තමයි දැනුම පිපාසය. අද අපිට එක ක්ලික් එකකින් බොහෝ තොරතුරු ප්‍රමාණයක් දැනගන්න පුළුවන් දැන් මේ කියවන ඔබත් මේක කියවන්නේ ඔබට තියන දැනුම හොයන කුහුල නිසා නේද? ඉහළ බුද්ධියක් තියන අය ට මේ දැනුම හොයන පිපාසය බොහොම ලොකුවට තියනවා. හැම දෙයක් ගැනම ඒ අය පොත පතින් සහ තාක්ෂණය භාවිතයෙන් සොයනවා. ඔවුන්ගේ බුද්ධිය නව්‍යකරණය කරගන්නවා. ගතානුගතික අදහස්වල මත වල එල්බගෙන ඉන්නේ නැහැ.
2# තමන්ටම කතා කරනවා
මේක නම් ඇත්තටම කෙනෙක් හිතයි පිස්සු කියල. එත් ඉහළ බුද්ධියක් තියන අය තමන්ටම සමහර වෙලාවට කතා කරගන්නවා. මොකද ඒ අයගේ මොළය නිරන්තරයෙන් වෙහෙස වෙනවා. හිතනවා. ගැටලුවලට උත්තර හොයනවා. අලුත් අදහස් ඔලුවට එනවා. පරණ අදහස් වලට වඩා වෙනස් දේවල් දකිනවා. මේ පුරුද්ද ඔවුන්ගේ මතකය පුබුදු කරනවා. ඔවුන්ව තමන්ගේ අරමුණේම තබනවා.
3# ඔබ හොඳ කියවන්නෙක්ද
සාමාන්‍යයෙන් උසස් බුද්ධියක් තියන අය නිරන්තරයෙන් පොත පත ලිපි ලේඛන (අන්තර්ජාලයේ හෝ) කියවීමට ඇබ්බැහි වූවන්. ඇතැම් විට ඔවුන් කුඩා වයසේ සිටම මේ පුරුද්ද පෙන්විය හැකියි. නව දැනුම ලබා ගන්න, පරණ දැනුම යාවත්කාලීන කරගන්න ඔවුන්ගේ මේ කියවීමේ ඇබ්බැහිය උදව් වෙනවා.
4# අභියෝගයන්ට අභියෝග කරන්න තියන ආශාව
ඉහළ බුද්ධිමට්ටමක සහිත අය, නිරන්තර අභියෝග වලට කැමතියි. නව අභියෝග ගැටළු ඔවුන්ට පෙනෙන්නේ හරියට game එකක් වගේ. ඒවා විසඳන්න ඒ ගැන හොයන්න ඔවුන් බොහොම ප්‍රිය බවක් පෙන්නනවා.
5# නිතර අමතක වන සුළුයි
අපි මුලින්ම සඳහන් කළා වගේ සුළු සුළු අවශේෂ කාරණා මොළය විසින්ම අමතක කරලා දානවා. සමහර වෙලාවට ඔවුන් කාමරයට එනවා නමුත් ආවේ ඇයි කියල මතක් කරනවා. ඒවගේ මූලික දේවල් අමතක වෙනවා. නමුත් බොහොම බරපතල විෂය කාරණා ගැන ලොකු දැනුමක් තියනවා. ඒ නිසා වටේ පිටේ අයගේ විහිළුවට ලක්වෙන්නත් පුළුවන්.
6# අභියෝගාත්මක ජීවන අතීතයක් හිමිවීම
බොහෝ විට ඉතා ඉහළ ප්‍රඥාවක් සහිත මිනිසුන්ගේ මුල් කාලය හෝ ළමා කාලය බොහොම අභියෝගාත්මකයි. ඔවුන් ජීවිතේ බොහෝ දුෂ්කරතාවලට මානසික පීඩාවන් වලට මුහුණ දුන් අයයි. ඒ දුක් කම්කටොලු වලින් ලබාගත් පරිණත බව ජීවිත කාලයටම පවතින සත්‍ය යතාර්ථයේ අවබෝධය ගෙනාවා විය හැකියි.
7# ඕනවට වඩා හිතීම.
ඔවුන් දෙයක් සම්බන්ධයෙන් ඕනවට වඩා සිතීමට හුරු වී සිටියි. ඇතැම් විට සුළු කාරණයක් සම්බන්ධයෙන් පවා එය අනෙකාට කෙසේ බලපාන්නට ඇත්ද. ඒ තුලින් සිදු විය හැකි අතුරු පල, අනෙකාගේ මනසට එය බලපෑවාද ? ඔවුන් ගේ ඊළඟ පියවර කුමක් විය හැකිද? මෙසේ සිදු නොවී එසේ වූවානම් මොකද? මේ ආදී වශයෙන් ඉතාමත් ගැඹුරට ගැඹුරට සිතයි. එය වටේ සිටින අයට ඇතැම්විට කරදරයක් විය හැකියි
8# ශරීරයේ පහසට වඩා ඔවුන් මනසින් දේවල් විඳියි
ඔවුන්ගේ ශරීරයේ ප්‍රධානම අංගය මොළයයි. ආදරයේදී ලින්ගිකත්වයේදී පවා ඔවුන් මනස මූලික කොට බොහෝ දේ තීරණය කරයි. නමුත් ඔවුන් සතුටින් විනෝදයෙන් සිටීමට ඉතාමත් කැමැත්තක් දක්වයි.
9# HARD WORK කිරීමට නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ
ඔවුන් දේවල් ලේසියෙන් කරන ආකාරය සොයයි. ඇතැම් අය බොහෝ වෙහෙස මහන්සියෙන් දිවා රෑ වෙහෙස වී කරනා කටයුතු මොවුන් සුළු කොට තකයි. ඔවුන් කම්මැලියන් බවට අනෙක් අය විසින් අර්තදක්විය හැකි අතර ඔවුන්ගේ බුද්ධි මට්ටම විසින් සියල්ල කුඩා කොට පෙන්වන නිසා ඇතැම් විට මුදල් ඉපයීමට මහන්සි වීම පවා ඔවුන් බොළඳ දෙයක් ලෙස දැකීමට හැකියාවක් ඇත. ඇතැම් බුද්ධිමතුන් ඉතාමත් අල්පෙක්ෂ ජීවිත ගත කරයි. ලෝකයට පෙන්න ජීවත් වීම ඔවුන් ප්‍රතික්ශේප කරයි.
ඉතින් ඔබේ IQ ටෙස්ට් වලින් ඔබේ බුද්ධිය මනින්නත් බැරි බව මතක තබා ගන්න. මේ ගති ගුණ ඔබටත් තිබෙනවානම් ඔන්න ඔබ ඉතා උසස් බුද්ධියකින් හෙබි අයෙක්..
මම නදීපා රණසිංහ Nadeepa Ranasinghe
ලංකාවේ පත්තර කන්තෝරු වහන මොහොතක blog එකක් කර ගෙන යෑම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි. ඔබේ මුල් ලිපියේ සිට මා කියවා ඇති අතර ඒ සියල්ලම මට යමක් ඉගැන්වීමට සමත් විය. ඔබේ ලිවීමේ ආකෘතිය ඉතාම සිත්ගන්නා සුලු බව කිවයුතුමය. ඉදිරියටම ලිවීමට හැකි වේවා යයි ප්‍රාර්ථනා කරමි !
article ekanm niyamai
Niymi akke. Oya hind gdk dwl sarthakaw lan krgena tynw.godak sthuthi
In accidentally I feel I want some help to solve My problems.I don’t know how it,s happen but I got to know about law of attraction..After that I studied about it from internet and you tube .I am so much happy to say I watch all videos about low of attraction and i practice it .I am thank full to you for put me into correct path . i succeeded My main problem. and now it is healing gradually day by day. I know It will completely success near future.
Thank you ,
sorry I forgot to mention that I watched You tube videos uploaded by you about law of attraction.
In accidentally I feel I want some help to solve My problems.I don’t know how Its happen but I got to know about law of attraction..After that I studied about it from internet and you tube videos specially uploaded by you .I am so much happy to say I watch all videos about low of attraction and i practice it .I am thank full to you for put me into correct path . I succeeded My main problem. and now it is healing gradually day by day. I know It will completely success near future.
Thank you ,