nadeepa ranasinghe
May 22, 2020
මේකයි ලෝකයේ බොහොමයක් ආකර්ෂණය නීතිය කතා කරන අය කතා කරන්නේ නැත්තේ. මෙන්න මේ රහස බොහෝ අය ඇත්තටම හංගනවා. ඇතැම් අයනම් මේක දන්නේ නැහැ. ඇතැම් අය එහෙන් මෙහෙන් පොත් පත් සහ You Tube චැනල් වලින් අල්ලාගෙන නිකන් අවබෝධයක් නැතිව ඔහේ කතා කරනවා. නමුත් ඉතාම ඉහළ අවබෝධයක් ඇතුව තමනුත් ජීවිතේට මේවා උපකාර කරගෙන අනිත් අයටත් කියාදෙන අය ලෝකයේ ඉන්නවා. ඉතින් බය වෙන්න එපා. මේක අමාරු දෙයක් නෙවෙයි ඔබේ කැපවීම තියනවා නම්.
ඇත්තටම ඇයි visualization සහ ඇතැම් ක්‍රම මෙහෙම ඇතැම් අයට fail වෙන්නේ ? හේතුව ආකර්ෂණයේ නියාමය කියන්නේ ධර්මතාවක්. ගුරුත්වාකර්ෂණය වගේ. ඒක මම මගේ වීඩියෝ වල ඔබට පැහැදිලි කරලා දීලා තියනවා. ගුරුත්වයෙන් ඉහළට යන්නනම් අපි ගුරුත්වය කියන්නේ මොකක්ද කියල අවබෝධය ඇතුව තමයි ඒ ගුරුත්වයට ප්‍රතිවිරුද්ධ තාක්ෂණය මෙහෙයවන්නේ.
“ ඔබේ යටි සිතට පණිවිඩ යවන්න හොඳ ක්‍රමයක් රාත්‍රියේ හොඳ ස්වයං ප්‍රතිඥාවක් self affirmation එකක් අහන එක. ඒ සඳහා මම මගේ ජීවිතය වෙනස් කළ affirmation එක ඔබ ට පරිත්‍යාග කරලා තිබෙනවා”
ඕනෑම වයසක කෙනෙක්ට ඒක අහන්න පුළුවන්. රාත්‍රියට නින්දට යද්දී අහන්න download කරගෙන ඔබ නින්දට යද්දී play වෙන්න තියන්න. ඍණාත්මක අයට සහ ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍ය අයට මේක බොහොම වැදගත් සහ උපකාරී වෙනවා. මේක අහපු බොහෝ දෙනෙක් මට පණිවිඩ එවලා තිබුණා ඔවුන් ට මොන තරම් වෙනසක් මේකට දිනපතා නින්දෙන් සවන් දීමෙන් සිද්ද වුණාද කියල.
ඉතින් ඒ වගේ affirmations ඔබට අහන්න පුළුවන් ඒ මගින් ඔබේ ඍනාත්මක සංඛ්‍යාතය යම් මට්ටමකට ඉහළට ගන්න ඔබට පුළුවන්. ඔබේ අධ්‍යාත්මික ජීවිතයට අවංක වෙන එකත් ඉතාම වැදගත්. ඔබේ වටේ ඉන්න අයට සහ ඔබට අවංක වීම. ඔබට ආදරය කිරීම. නිතරම සතුට තියා ගැනීම. ඕනෑම මොහොතක ප්‍රශ්නයක් ඇතිවීමට යන විට හෝ ඔබව මානසිකව වැටීමට යන විට මගේ Instant Happiness Formula පාවිච්චි කරලා ඒ සංඛ්‍යාතය වෙනස් කරගන්න උත්සාහ කරන්න. සතුට ප්‍රීතිය කියන්නේ ඔබේ සංඛ්‍යාතය ඉහළ යවන්න පුළුවන් ක්‍රමයක්.
ඉතින් මුලින්ම අවශ්‍ය වෙන්නේ ඔබේ energy frequency එක වෙනස් කිරීම. ඒ සඳහා මගේ you tube චැනල් එක සමඟ එකතු වෙලා ඉන්න. මම එය පියවරෙන් පියවර කරමින් යන්නේ. ඒ වගේම ඔබට අවශ්‍ය නම් වැඩි දුර පැහැදිලි කිරීම් සඳහා මෙතනින් අපේ FORUM එකට ඇවිත් සාකච්ඡා කරන්න පුළුවන්. මේ වගේ මම ලියන blog articles වලින් තව ඉගෙන ගන්න පුළුවන්. එහෙමත් බැරි කෙනෙක්ට මෙතනින් මාව සම්බන්ධකරගෙන ඔබේ ජීවිතයේ අරමුණු ජයගැනීමට Life Coaching Sessions දුරකථනය මාර්ගයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මගේ වැඩමුළුවලට සහභාගී වෙන්නත් පුළුවන්.
ඉතින් ඔබට ඉතාම ප්‍රීතිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. මෙය ඉගෙන ගන්න ඔබට අවස්තාව ලැබේවා ප්‍රඥාව ලැබේවා හැකියාව ලැබේවා.
Nadeepa Ranasinghe
සම්මා සතිය ඒ කියන්නේ සිහිය එක මට පුරුදු කර ගන්න ඕනේ.thank you miss Nadee
ගොඩක් ස්තුතියි මැඩම් . පොඩි වචනයක් වැරදිලා තියෙනවා අන්තිම ඡේදයට කලින් ඡේදයේ ඍනාත්මක සංඛ්‍යාතය යම් මට්ටමකට ඉහළට කියන එක පහළට වුනානම් නෙ හරි
Miss, api goal 1k hadagnna ooni vidiya you tube 1e pahadili kirimak thibuna. Ethakota api kisima time period ekak thula achieve karanna ooni target 1 ne focus karanna ooni.
Eeth kenekta dewal keepayk achieve karanna ooni nm kohomada karanne kiyala pahadili na.
Hariyata multitasking wage ක්ශේත්‍ර 2k ho wadi gananaka success wenna(hariyata miss wage) api kohomada eekata imagination power 1 hadaganne.
Please help me on this case miss..
I like to go through my higher education in biological science and make a degree, and also I love to music.
But I don’t know how can I choose the correct path. Actually I want to do both sides. But I still don’t understand how should I do? Please help.
Thankyou.
Matath thiyenne me prashne…goals godak thiyenakota kohomad imagination karanne
කියවන්න පුලුවන් නම් හොඳ ම පොත power of now by Eckart tolle
Mamath eka practice karanava..eka avasthaven acasthavata venas..mn hitanne.prayogikavama thama api eka karala avaboda karaganna ona..nadeepa miss hari kavru hri eka gana video ekak kalath,,eka
Apita e pahadili karana kena dena feel ekama ,,e emotion ekama therum ganna baha.. mindfulness kiyana eka gana thaman danna vachana valin thava kenekta kivva kiyana eka nikan,,pani rasa vigraha kranna kivva vage vadak..
Mn oyagen ahuvoth pani rasa mona vageda kiyala,,iyata puluvnda eka mata kiyanna e vidihatama.. mekath e vage..kiyala mata hitenava.
Avasthaven avasthavata eka venas venava..api api thulama gaveshanaya karala hoyaganna ona ,praguna krganna ona deyak kiyl mn hitanne..